සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේ නව වසර හරසරින් පිළිගනී!

දැඩි සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 2021 නව වසර හරසරින් පිළිගනී!

by Staff writer 01-01-2021 | 6:53 AM

COLOMBO (News 1st) – 2021 නව වසරේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ එළැඹුණි.

පසුගිය වසර පුරාම කොරොනා ව්‍යාප්තියෙන් පීඩාවට පත් ලෝක ජනතාව නව වසර උදාව සැමරුවේ තමන් විඳි දුක් ගැහැට උදා වූ නව වසරේදී හෝ තුරන් වේ යැයි යන අපේක්ෂාව පෙරදැරිවයි. මෙරට ජනතාව ද සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් නව වසර සැමරීමට කටයුතු කළේ ය. 2021 නව වසර ආරම්භ වූයේ 21 වැනි සියවසේ දෙවැනි දශකය ද ආරම්භ කරමින් ය.