by Staff writer 01-01-2021 | 9:48 PM
News 1st - දැනට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති ෆයිසර් සහ බයෝන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා යොදාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනුමැතිය ලබා දී තිබේ.
දැන් අපේ රටට කොවිඩ් එන්නතක් ලැබෙන්නේ කවදා ද?
එන්නතක් ලබාගන්න අපිට ඇති සූදානම කුමක් ද?
කාර්යක්ෂමභාවය සහ ආරක්ෂාවට අදාළ ක්‍රමවේද නොපිරිහෙලා ඉටු කරමින්, ෆයිසර් සහ බයෝන්ටෙක් එන්නත එන්නතක් සතුවිය යුතු සියලු ගුණාගුණ සපුරණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, එන්නතෙහි එම ගුණාංග එහි අවදානම ඉක්මවන බවයි.
කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට ලොව පුරා රටවල හැකියාව පුළුල් කිරීමේ උත්සාහයේ මෙය ධනාත්මක පියවරක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
මෙම එන්නතට දැනටමත් යුරෝපා ඖෂධ ඒජන්සිය, අමෙරිකානු ඖෂධ සහ ආහාර පරිපාලන ආයතනය මෙන්ම බ්‍රිතාන්‍යය, කැනඩාව, බහරේනය, ඊශ්‍රායලය, කුවේට්, මෙක්සිකෝ, කටාර්, සෞදි අරාබිය සහ සිංගප්පූරුව යන රටවල වෛද්‍ය සභා අනුමැතිය හිමිව ඇත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය නිව්ස්ෆස්ට් කළ විමසීමකදී කියා සිටියේ, එන්නත් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 190 ක් ලියාපදිංචිවී සිටින බවයි.
එන්නත් ලබා දීමේදී ජනගහණයෙන් 20%කට එය ලබා දීමට කටයුතු කරන නමුත් එය එක වරම නොව විටින් විට ලබාදෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කළේ ය.
එම එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට මෙම වසරේ මැද භාගය දක්වා කල් ගතවනු ඇතැයි ද එම සංවිධානය ප්‍රකාශ කළේ ය.
එතෙක් ලියාපදිංචි වූ සෑම රටක්ම එන්නත් බෙදාහැරීම, මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීම අතුළු කටයුතු සඳහා ජාතික සැලස්මක් සකස් කළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.
කෙසේවෙතත් ඔවුන් ලබාදෙන එන්නත කුමක් ද යන්න තවමත් තීරණය කර නොමැත.