ජනතා විශ්වාසය පළුදු කරන්නේ නැහැ..!!

ජනතා විශ්වාසය පළුදු කරන්නේ නැහැ..! නව වසරට සුබ පතමින් ජනපති කියයි..

by Staff writer 01-01-2021 | 5:56 AM

COLOMBO (News 1st) – නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, නව වසරේ කුමන බාධකයන්ට මුහුණදීමට සිදුවුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්ය අප සතුව ඇති බවය. විනය ගරුක රටක ආර්ථික හා සමාජයීය සශ්‍රීකත්වය සිහිපත් කරන ජනාධිපතිතුමා සියලු දෙනාට විනයගරුකව තම කාර්යභාරයන් මැනවින් ඉටු කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස ඉල්ලීමක් කරයි. රටටත්, ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ද ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේය.