සිනමා ශාලාහි හිඟ විදුලි බිල් ගෙවීමට වසරක සහනයක්

සිනමා ශාලාවල හිඟ විදුලි බිල් ගෙවීමට වසරක සහන කාලයක්

by Chathurika Jayasundara 31-12-2020 | 6:18 PM

COLOMBO ( News 1st ) : සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමා ශාලාවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකඟ වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට සිනමා ශාලා වසා දැමීමෙන් මූල්‍ය දුෂ්කරතාවයන්ට පත් වූ සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් ය. ඒ අනුව, 2020 මාර්තු මස සිට දෙසැම්බර් දක්වා ගෙවීම් නොකරන සිනමා ශාලා විදුලි බිල්පත් මාස 12 කින් පියවීමට අවස්ථාව ලබා දී තිබේ. එමෙන්ම එම කාල සීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි නොකිරීමට ද තීරණය කර තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලා 194කට මෙම සහනය හිමිවේ.