COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 20.00 නව සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ පිළිගන්වනු ලැබුවේ ය.
ඒ, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ය.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් සපිරිම නිමිත්තෙන් මෙම සමරු කාසිය නිකුත් කර තිබේ.
පැති 7 ක් සහිත හැඩයකින් යුත් රුපියල් 20 සමරු කාසිය ඇලුමිනියම් සහ ලෝකඩවලින් නිපදවා ඇති අතර කාසි 3000ක සීමිත නිකුතුවක් අද නිකුත් කෙරිණි.
කෙසේ වෙතත් එය සංසරණය සඳහා භාවිත නොකෙරෙන අතර මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛාවලින් රුපියල් 1,300 ක මුදලකට එම කාසිය අලෙවි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
