මාතලේ මහ රෝහලේ වාට්ටුවක් වැසේ

මාතලේ මහ රෝහලේ වාට්ටුවක් වැසේ

by Staff writer 31-12-2020 | 3:01 PM

COLOMBO (News 1st) – මාතලේ මහ රෝහලේ ශ්වසන රෝග වාට්ටුව තාවකාලිකව වසා දමා තිබේ.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග වාට්ටුව විෂබීජහරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. හඳුනාගත් කොරෝනා රෝගීන් දෙදෙනා මේ වනවිට තෙල්දෙණිය කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමු කර තිබේ. වෛද්‍ය ප්‍රසාද් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, එම ආසාදිතයින්ගේ සමීපතමයින් 4 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. රෝහල් කාර්ය මණ්ඩලයට ද කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.