සැක සහිත  යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය බවට සැක ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

by Staff writer 31-12-2020 | 4:29 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය රැගත් බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 4 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ ගාල්ල ධීවර වරාය ආසන්න මුහුදේදීයි. එහි තිබී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක් සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ ය. වැටලීමේදී යාත්‍රාවේ සිටි එක් සැකකරුවෙකු පලාගොස් තිබේ. නාවික හමුදා භාරයට ගත් සැක සහිත ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම බහුදින යාත්‍රාව හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් බවයි.