by Staff writer 31-12-2020 | 6:53 PM
COLOMBO (News 1st) : මඩකලපුව, කාත්තන්කුඩිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හඳුනා ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ලතාහරන් මහතා පවසයි.
ඔහු පැවසුවේ, ප්‍රදේශයේ ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ අවසන් වනතුරු සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවයි.
කාත්තන්කුඩි ප්‍රදේශයේ සියලු වෙළෙඳසැල් වසා දැමුණු අතර ආරක්ෂාව ද තර කර තිබේ.