දිස්ත්‍රික්ක කිහිපයකට අකුණු සමග ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අකුණු සමග ගිගුරුම් සහිත වැසි

by Chathurika Jayasundara 31-12-2020 | 4:20 PM

COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි වැසි ද බලාපොරොත්තු විය හැකි ය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.