
රටට ඇතුළු වූ විදේශිකයින් 3කට කොරෝනා
රටට ඇතුළු වූ විදේශිකයින් 3කට කොරෝනා
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : අද (31) උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 639 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ඉන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, මෙරටට පැමිණ සිටින විදේශිකයින් අතරිනි.
ඉතිරි පුද්ගලයින් 636 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 190කි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
අනෙක් ආසාදිතයින් 224 දෙනා හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ දිනය තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 698 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 4 දෙනෙකු මියගිය අතර එම මරණ වාර්තාවී ඇත්තේ, කොළඹ 10, කොළොන්නාව, කොළඹ 15 සහ මඩකළපුව යන ප්‍රදේශවලිනි.
අද උදෑසන වනවිට කටාර් සිට ලාංකිකයින් 38 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර විදෙස් රටවල් කිහිපයක සිට තවත් ලාංකිකයින් 453 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එලෙස පැමිණෙන සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇති.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ පුද්ගලයින් 5,588 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12,926කි.
මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,702ක් වන අතර පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 34,623කි.
ආසාදිතයින් 7880 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ වාර්තා වූ මරණ 4ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.
- චීනය දීර්ඝ කාලීන මිතුරෙක් නිසා Port City මෙහෙයුම් චීනය අතට පත්වීම අසුබවාදීව සිතන්න එපා.. – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
- බංග්ලාදේශ පිතිකරුවන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසරණ වෙයි
- වරාය නගර කෙටුම්පත දීන වහල් මානසිකත්වයෙන් සකස් කළ එකක්, අලුත් කෙටුම්පතක් හදන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
- තවත් කොරෝනා මරණ 05ක්..
- ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කෙරේ
- අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි
- කහ මෙට්ට්‍රික් ටොන් 6.4ක් අඩංගු කන්ටේනර්යක් රේගු භාරයට
- ඉන්දුනීසියානු නාවික සබ්මැරීනයක් අතුරුදන්
- CID හිටපු අධ්යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
- JUST IN : හම්බන්තොටට ආ නැවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනික ද්‍රව්‍ය ඇති බව හෙළි වෙයි