යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළේ පිපිරීමකින් 22 ක් මරුට..

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළේ පිපිරීමකින් 22 ක් මරුට..

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළේ පිපිරීමකින් 22 ක් මරුට..

කර්තෘ Staff writer

31 Dec, 2020 | 6:33 am

News 1st – යේමනයේ, ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබේ.

යේමන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේ, පිපිරීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුවී තිබේ.

එම ගුවන් යානයෙන් පැමිණි නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසට ප්‍රහාරයෙන් හානියක් වී නොමැත.

ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඒඩන් හී මාෂෙක් ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයක තව ත් පිපිරීමක් සිදුව තිබේ.

මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව ද යේමන බලධාරීන් පැවසීය.

කෙසේ වෙතත්, යේමන අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මලික් සයීඩ් ප්‍රකාශ කළේ, මෙය බියගුලු සහ දේශද්‍රෝහී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]