
මහර ගැටුම: කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරනවා – අධිකරණ අමාත්‍යාංශය
මහර ගැටුම: කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරනවා – අධිකරණ අමාත්‍යාංශය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව ලබා දුන් වාර්තාවේ සඳහන් යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, එම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කරන බවය.
එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව, කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ඊයේ පස්වරුවේ භාර දුන්නේ ය.
කමිටුවේ සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ආර්. එල්. රණවීර යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
පසුගිය මස 29 වැනි දා පත් කළ කමිටුවට සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදීම සඳහා මසක කාලයක් ලබා දී තිබුණි.
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
- කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
- නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..