by Staff writer 31-12-2020 | 7:43 AM
COLOMBO (News 1st) - ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වන බවයි.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය.
නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එළඹෙන ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් පසුව අද රැස්වෙන්නේ දෙවන වතාවටයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේ ය.
ඊට අමතරව එහි සෙසු සමාජිකයින් ලෙස එම්.එම්.මොහොමඩ්, ගුණපාල වික්‍රමගේ, ජිවන් ත්‍යාගරාජා, කේ.පී.පී. පතිරණ යන මහත්වරුන් පත් කෙරිණි.