by Staff writer 31-12-2020 | 8:45 AM
COLOMBO (News 1st) - පොළොන්නරුව, ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු අද අලුයම ඉන් පළා ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු එලෙස පළා ගොස් ඇති බවය.
කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග ඔවුන් පසුගිය දා ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම පිරිස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි.
ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071 8 591 233 යන දුරකතන අංකයට හෝ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ 119 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.