සංචාරකයින් ගෙන්වීම නතර කිරීමට තීරණයක් ගෙන නැහැ

විදෙස් සංචාරකයින් ගෙන්වීම නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ - සංචාරක අමාත්‍යාංශය

by Staff writer 30-12-2020 | 6:52 PM

COLOMBO (News 1st) - විදෙස් සංචාරකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව අදාළ කටයුතු විධිමත්ව සිදුවන බවයි. ඕනෑම තත්ත්වයකට ගැලපෙන අයුරින් හෝටල්වල සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.