ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ට ත් කොරෝනා

by Sagarika Chathumali 30-12-2020 | 11:43 AM
COLOMBO (News 1st) : මෙරටට පැමිණි විදෙස් ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, වාර්තා වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින්  තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, හඳුනාගෙන ඇති බවයි. ආසාදිත සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම අරමුණු කරගනිමින් නිරෝධායන ක්‍රමවේදයට යටත්ව විදේශිකයින් ගෙන්වා ගැනීම පසුගිය දා ආරම්භ කෙරිණ. එහි පළමු කණ්ඩායම ලෙස යුක්‍රේන සංචාරකයින් 180 දෙනෙකු පසුගිය 28 වන දා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ. මේ පිරිස දිවයිනට ළඟා වීමත් සමග PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර පසුව පිරිස  හෝටල් වෙත යොමු කෙරිණ.