රත්නපුර රෝහල් වාට්ටුවක් වසා දැමේ

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 14කට කොරෝනා

by Sagarika Chathumali 30-12-2020 | 3:56 PM

COLOMBO (News 1st) : රත්නපුර රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබේ.

එලෙස අදාළ වාට්ටුව වසා දමා ඇත්තේ, වෛද්‍යවරයෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 5දෙනෙකු සහ රෝගීන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.