නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනි දා..

by Staff writer 30-12-2020 | 5:10 PM

COLOMBO (News 1st) - ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 5 වැනි දා පැවැත්වීමට දින නියම වී තිබේ.

ඒ, අද පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු කාරක සභාව ගත් තීරණයකට අනුවයි. පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා යළි මාධ්‍යවේදීන්ට අවස්ථාව දීමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ ය. මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ විශේෂ රෙගුලාසි මාලාවකට යටත්වයි. ඒ අනුව ජනවාරි 5 වැනි දා සිට 7 වැනි දා දක්වා පෙරවරුවේ 10.30 ත් පස්වරු 4.30 ත් අතර පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වේ. එම දිනවල ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනා විවාදයට ගැනීමට නියමිතය. ජනවාරි 8 වැනි දා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 9.30 සිට 4.30 දක්වායි.