by Sagarika Chathumali 30-12-2020 | 4:34 PM
COLOMBO (News 1st) : ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිෂ්පාදනය කළ Oxford-AstraZeneca කොරෝනා එන්නත සඳහා බිතාන්‍යයේ අනුමැතිය හිමිව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එය ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගත් ප්‍රතිශක්තිකරණ වැඩසටහන පුළුල් කිරීමට රුකුලක් වනු ඇති බවයි.
එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, ජනවාරි 4 වැනිදා සිට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි.
බ්‍රිතාන්‍ය මේ වනවිට AstraZeneca ආයතනයෙන් එන්නත් මිලියන 100ක ඇණවුම් කර ඇති අතර එය මිලියන 50ක ජනතාවට ප්‍රමාණවත් වනු ඇතැයි, සඳහන් ය.
බ්‍රිතාන්‍ය ඖෂධ නියාමකයින් පවසන්නේ, එන්නත ආරක්ෂාකාරී සහ ඵලදායි බවයි.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත වසරේ මුල් මාස කිහිපයේදී නිෂ්පාදනය කළ අතර පසුගිය අප්‍රේල් මාසයේදී පළමු අත්දාබැලීම සිදු කෙරිණ.
එතැන් සිට මේ දකවා දහස් ගණනක් ජනතාව සම්බන්ධ කරගනිමින් මහා පරිමාණ සායනික අත්හදා බැලීම් සිදු කෙරිණ.
අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ, කොරෝනා මර්දන එන්නත පසුගිය දෙසැම්බර් 8 වැනිදා සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීම ආරම්භ කෙරිණ.
මෙම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි.
මේ වනවිට 600,000කට වැඩි බ්‍රිතාන්‍යයන් පිරිසක් එන්නත් ලබාගෙන තිබේ.