එන්නත දීම මාර්තු ඇරඹීමට සැලසුම්..

කොරෝනා මර්දන එන්නත මුලින් ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4 කට අධිකයි - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 30-12-2020 | 7:02 AM

COLOMBO (News 1st) - මාර්තු මාසයේදී ශ්‍රී ලාංකිකයන් මිලියන 4කට කොරෝනා එන්නත ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

මුලින්ම තෝරාගෙන තිබෙන්නේ අවදානම්ව සිටින පිරිසකි. දැනට සංසරණය වෙන එන්නත් අතුරින්, යම් එන්නතක්, ලෝක සංවිධානය හරහා ඇනවුම් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම දින කිහිපය ඇතුළත ලොව රටවල් රැසක් මේ වනවිට කොරෝනා මර්දන එන්නත් සිය පුරවැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ. පළමු වරට එන්නත ලබාදීම ආරම්භ කළේ මහා බ්‍රිතාන්‍යයයි. මේ වනවිට බෙල්ජියම, ලැත්වියාහි, ඉන්දුනිසියාව, අමෙරිකාව, රුසියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍යය, කැනඩාව, සෞදි අරාබිය, ඊශ්‍රායලය, මෙක්සිකෝව,සර්බියාව සහ ස්විට්සර්ලන්තය එන්නත් කිරීම ආරම්භ කර තිබේ. ඉරානය, සිංගප්පූරුව, නෙදර්ලන්තය යන රටවල් කොරෝනා මර්දන එන්නත ලබා දීමට බලාපොරොත්තුවන රවටල් අතරට අයත් වේ.