අද (30) වනවිට මෙරට කොරෝනා තත්ත්වය

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ

by Sagarika Chathumali 30-12-2020 | 11:19 AM

COLOMBO (News 1st) : අද (30) උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,063ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් පුද්ගලයින් 4 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිිිිිිරිස්  අතරින් හඳුනා ගෙන ඇති බවත් තවත් තිදෙනෙකු  මෙරටට පැමිණි විදෙස් ජාතිකයින් අතරින් හඳුනා ගත් බවත් ය. ඉතිරි ආසාදිතයින් 453 දෙනා දේශියව හඳුනාගත් ආසාදිතයින් ය. ඔවුන් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 36කින් වාර්තා වී ඇති අතර  ගම්පහ, මහනුවර සහ කළුතර යන  දිස්ත්‍රික්කවලින්  පිළිවෙළින් ආසාදිතයින්  52ක් , 38ක්  සහ  5 ක්  ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇත. අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42063ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 33,925කි. ආසාදිතයින් 7944 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ රාත්‍රී වාර්තා වූ මරණයත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද195 ක් දක්වා ඉහළ ගියේ ය. එලෙස ජීවිතක්ෂයට පත්වූයේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පසුගිය පැය 24 තුළ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 704කි. ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8,668කි. අද උදෑසන වනවිට විදෙස් රටවල සිටි ලාංකිකයින් 337 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර අද දිනයේ තවත් 150 දෙනෙකු පැමිණිමට නියමිතව ඇත. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එලෙස පැමිණෙන සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කරන බවයි. නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 5,362 දෙනෙක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිති.