by Staff writer 30-12-2020 | 7:44 AM
COLOMBO (News 1st) - කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඉදිකිරීම් සිදු කරමින් පවතින එම ගොඩනැගිල්ලේ බිම්මහලේ සිටි මෙම පුද්ගලයා ඊයේ(29) රාත්‍රියේ ඇති වූ වර්ෂාවෙන් ගොඩනැගිල්ලේ බිම්මහල ජලයෙන් යටවීම හේතුවෙන් මිය ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.