ලබන වසරේ ස්වයං රැකියා ලක්ෂ 02 ක්..

නව ස්වයං රැකියා ලක්ෂ 2 ක් නිර්මාණය කිරීමට රජයෙන් සැලසුම්..

by Staff writer 29-12-2020 | 6:55 PM

COLOMBO (News 1st) - ලබන වසරේදී ස්වයං රැකියා අවස්ථා ලක්ෂ 2 ක් නිර්මාණය කිරීමට තීරණය කර ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේදී සමෘද්ධි කළමනාකරුවන් සමග පැවති සාකච්ඡාවට එක්වෙමිනි. ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභීන් ජීවනෝපාය මාර්ග වෙත යොමු කිරීමේ ක්‍රියාවලියේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන්ට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හිමිවන බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධනයට ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.