by Staff writer 29-12-2020 | 6:49 PM
COLOMBO (News 1st) - වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද පෙරවරුවේ දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ තරු හතරේ ජෙනරාල් ධුරයට උසස් කරනු ලැබුවේ ය.
අද පෙරවරුවේ ඒ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
අනතුරුව යුද හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ද බැහැදැකීමට පැමිණියේ ය.
යුද හමුදාපතිවරයා ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වන්දනා කළේ ඉන් අනතුරුවයි.
මෙහිදී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් යුද හමුදාපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබිණි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැකීමට ද පැමිණියේ ය.