ද. අප්‍රිකාව ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

දකුණු අප්‍රිකාව ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්..

by Staff writer 29-12-2020 | 5:06 PM

News 1st - ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 45ක පහසු ජයක් හිමි විය.

දෙදින අතර පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද යි. සෙන්චූරියන්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 396ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට ලකුණු 621ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව දෙවනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණි. දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස මේ වනවිට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටී.