උ/පෙළ පෙළ පොත් ගැන හෙළිදරව්වක්..

උ/පෙළ පෙළ පොත් බෙදා දීම ගැන ලංකා ගුරු සංගමයෙන් හෙළිදරව්වක්..

by Staff writer 29-12-2020 | 6:17 PM

COLOMBO (News 1st) - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට පෙළ පොත් ලබා දී නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව අනාවරණය කළේ, විගණන වාර්තාවක් පදනම් කර ගනිමිනි. Online තාක්ෂණයෙන් ඉගැන්වීම් සිදු කිරීමේ ක්‍රියාවලියේදී බලධාරීන් අනවශ්‍ය ලෙස බලපෑම් කළහොත් ඉන් ඉවත්වීමට සිදුවන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ ය.