උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..

by Staff writer 29-12-2020 | 6:39 AM

COLOMBO (News 1st) - බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අද⁣ට යෙදී තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය.