නව කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත්..

අවධානයෙන්: ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයින් 6ක්..

by Staff writer 29-12-2020 | 4:10 PM

News 1st - නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයින් 6 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍යයෙන් පැමිණි මෙම ආසාදිතයින් මේ වනවිට හුදෙකලා කර තබා ඇති බවයි. බ්‍රිතාන්‍යයේ සිට සිය රටට ගුවන් ගමන් පැමිණීම අත්හිටුවීමට ඉන්දියාව ඉකුත් සතියේ පියවර ගත්තේ ය. මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය පෙර පැවති වෛරසයට වඩා අනතුරුදායක බැවින්, එහි බෝවීමේ සීඝ්‍රතාවය ඉහළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකාවට පසු ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.