by Staff writer 28-12-2020 | 10:44 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.
දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 2 ක් දැවී ලකුණු 65 ක් රැස් කර ගෙන සිටියේ ය.
තරගය අද තුන්වැනි දිනයට ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 317 ක් රැස් කර ගෙන සිටියේ ය.
ටෙම්බා බවුමා සහ ෆෆ් ඩූ ප්ලෙසිස් 5 වැනි කඩුල්ලට ලකුණු 179 ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.
බවුමා ලකුණු 71 කට දැවී ගියේ ය.
වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද අබාධයකට ගොදුරු වූ අතර ඔහු පිටියෙන් ඉවත්වන ආකාරය දක්නට ලැබුණි.
ඒ අනුව ඔහුගේ පන්දුවාරය සම්පූරණ කිරීමට දිමුත් කරුණාරත්නට සිදුවුණි.
ටෙස්ට් පිටියේ 10 ශතකය වාර්තා කළ ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 199 කට දැවී ගියේ ය.
දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 621 ක් රැස් කළේ ය.
වනිඳු හසරංග කඩුළු 4 ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුළු 3 ක් බිඳ හෙලුවේ ය.
අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු දෙක ලකුණු 22 කදී බිඳ වැටුණි.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 6 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ ය.
නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් ජනිත් ලකුණු 33 ක් සහ දිනේෂ් චන්දිමල් ලකුණු 21 ක් රැස් කර ගෙන සිටියේ ය.