යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානයක් මත්තලට

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානයක් මත්තලට

by Staff writer 28-12-2020 | 2:48 PM
COLOMBO (News 1st) : යුක්‍රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු රැගත් පළමු ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද පස්වරුවේ ළඟා විය. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, එරටට අයත් විශේෂ ගුවන් යානයකින් අද පස්වරු 2.07 ට සංචාරකයින් පිරිස රැගත් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේ මෙම සංචාරකයින් පිරිස මෙරටට පැමිණියහ. සංචාරකයින් පිරිස බෙන්තොට හා කොක්ගල පිහිටි හෝටල් කිහිපයකට රැගෙන යාමට නියමිතව තිබේ. සුමනසේකර මහතා පැවසුවේ, එම හෝටල්වලට එම සංචාරකයින් රැගෙන ගොස් දින 7 ක කාලයක් රදවා තබා PCR පරීක්ෂණ කිහිපයක් සිදුකරන බවයි. එම PCR පරීක්ෂණවල වාර්තා අනුව දිවයිනේ තෝරා ගත් ස්ථාන කිහිපයක සංචාරය කිරිමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇති. මෙහි සාර්ථකභාවය මත ඉදිරියේදී සියලු ගුවන් තොටුපළ විවෘත කර පුළුල් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.