පළාත් කිහිපයකට අදත් වැසි..

පළාත් කිහිපයකට අදත් වැසි..

by Staff writer 28-12-2020 | 4:21 PM

COLOMBO (News 1st) : දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 වැඩි තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.