දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සුළං වේගයේ වෙනසක්

දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සුළං වේගයේ වෙනසක්

by Staff writer 28-12-2020 | 6:53 AM

COLOMBO (News 1st) - දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඊට හේතුවයි. ඒ අනුව කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකියි. මේ අතර උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලටත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.