දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය පනී

දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය පනී

by Sagarika Chathumali 28-12-2020 | 8:50 AM
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙ වනවිට මිලියනය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාව ආසාදිතයන් මිලියනය ඉක්ම වූ මහාද්වීපයේ පළමු රට බවට පත්වනු ඇති. ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන නව වෛරස් ප්‍රභේදය හඳුනාගැනීමෙන් දින කිහිපයකට පසුව මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග එරට රෝහල් මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි. මේ අතර ජනපති රමපෝසා තීරණය කර ඇත්තේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා දැඩි සීමාවන් ප්‍රකාශයට පත් කිරීමටයි. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,004,413ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 26,735 කි. පසුගිය සතියේ හඳුනා ගත් නව වෛරස ව්‍යාප්තියත් සමග දකුණු අප්‍රිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 11000 ත් 14000ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගියේ ය. 501.V2 ලෙස හැඳින්වෙන නව කොරෝනා වයිරස් ප්‍රභේදය නැගෙනහිර කේප් පළාතෙන් මුල් වරට හඳුනා ගැනුණු අතර පසුව රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.