හොර පාරෙන් ගෙනාපු කහ කිලෝග්‍රෑම් 20,000ක් STF දැලේ

by Chathurika Jayasundara 27-12-2020 | 8:27 AM

COLOMBO ( News 1st ) : ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000ක් වි⁣ශේෂ කාර්ය බලකායේ (STF) භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

ඒ සමග සැකකරුවන් 04දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. හුංගම, කලමැටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සැකකරුවන් සතුව තිබූ ට්‍රොලර් යාත්‍රාවක් ද වි⁣ශේෂ කාර්ය බලකායේ භාරයට ගත් බවය.