සේනාගේ අලුත්ම ගොදුර මෙන්න..

සේනාගේ අලුත්ම ගොදුර මෙන්න..

by Staff writer 27-12-2020 | 9:30 PM

COLOMBO (News 1st) - සේනා උවදුර මේ රටට ආව මුල්ම අවස්ථාවේ 2018 දී අපි මෙහි බරපතල කම ගැන රටට සහ බලධාරීන්ට කිව්වා.

අපි අම්පාරේ ජනතාව හමුවෙලා මෙහි තත්ත්වය වාර්තා කළා. අදට වසර දෙකක්. දැන් උවදුර රට පුරා ව්‍යාප්තවෙලා. පසුගියදා මේ දළඹු උවදුර මඩින්න ගෙනාපු වෛරසය ජනතාවට දීල තිබුණේ එය භාවිත කරන විදිහ ගැන දැනුවත් කරල නෙවෙයි කියල ගොවීන්ම කිව්වා. එවැනි තත්වයක් තුළ සේනා දළඹු උවදුර බඩඉරිඟු වගාවේ සිට වෙනත් බෝග කරා ව්‍යාප්ත වීම ආරම්භවී තිබේ. මෙහි අලුත්ම තත්ත්වය වාර්තා වෙන්නේ සේනා දළඹුු උවදුර මුලින්ම වාර්තා වුණු අම්පාරෙන්. දළඹුවාගේ අලුත් ගොදුර බවට පත්වෙලා තියෙන්නේ වට්ටක්කා බෝගය. සේනා උවදුර ගැන මේ වෙද්දි දිවයිනේ පළාත් බොහොමයකින් වාර්තා වෙනවා. උතුරු , නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමු , ඌව, දකුණ විටින් විට වාර්තා වුණා. මේ වෙද්දි වාර්තා වෙන්නේ නැත්තේ බස්නාහිර පළාතෙන් විතරයි. අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලින් පසුගිය සමය පුරාවට සේනා හානි වාර්තා වුණා. ඉන් බොහොමයක් හානි වෙලා තිබුණේ බඩඉරිඟු වගාවට. ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෙසු වගාවන් වන වට්ටක්කා, කුරක්කන් සහ කව්පි වගාවන්ටත් සේනා හානි කරන්න පටන් අරන්. සේනා දළඹු හැනියට විවිධ කෘෂි රාසායනික ද්‍රව්‍ය යෙදුවක් කිසිම ගැලවීමක් නෑ කියලයි ගොවියෝ කියන්නේ.