ග්‍රාම නිලධාරී වසම් 10ක් මේ මොහොතේ සිට Lockdown

ග්‍රාම නිලධාරී වසම් 10ක් මේ මොහොතේ සිට Lockdown..

by Chathuranga Rajapaksha 27-12-2020 | 3:47 PM
COLOMBO (News 1st): රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා(Lockdown) කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙයි. ඒ අනුව හුදකලා කරන එම ග්‍රාම නිලධාරී වසම් මෙසේය. ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ * මින්නාන ග්‍රාම නිලධාරී වසම * විලේගොඩ ග්‍රාම නිලධාරී වසම * යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම * අස්ගඟුල උතුර ග්‍රාම නිලධාරී වසම * බෝපත්ත ග්‍රාම නිලධාරී වසම ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ * රක්වාන නගර ග්‍රාම නිලධාරී වසම * රක්වාන උතුර ග්‍රාම නිලධාරී වසම * රක්වාන දකුණ ග්‍රාම නිලධාරී වසම * මස්ඉබුල ග්‍රාම නිලධාරී වසම * කොට්ටල ග්‍රාම නිලධාරී වසම