කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්....

කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්....

by Staff writer 27-12-2020 | 7:21 AM

COLOMBO ( News 1st ):  කොරෝනා වසංගතය පාලනයට දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ , දැනට ගෙන ඇති තීරණවලින් මහජනතාවට සිදුවන අවහිරතා මගහැරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි. දැනට සකස් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති ඇතැම් කරුණුවල විද්‍යාත්මක පදනම විමසා බැලීමක් සිදු කරන බව ද ඔහු සදහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුව සමග අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සාකච්ඡා පවත්වා කරුණු විමසා ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.