by Staff writer 27-12-2020 | 6:05 PM
COLOMBO (News 1st) - කොරෝනා මරණ පිළිබඳව ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ප්‍රචාර සිදු කරන බවයි.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති වාර්තා අනුව කොරෝනා වැළඳීමෙන් මිය යන සියලු පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකරන බව, එම නිවේදනයේ දැක්වේ.
ඒ හේතුවෙන් දේශපාලන අරමුණින් යුතුව සෞඛ්‍ය ප්‍රතිපත්ති විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.