ජෝ බයිඩ්න් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කළ ඉල්ලීම..

කොරෝනා ආර්ථික සහන පනතට අත්සන් තබන්නැයි ජෝ බයිඩ්න් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

by Staff writer 27-12-2020 | 11:35 AM

COLOMBO ( News 1st ) : කොවිඩ් 19 ආර්ථික සහන පනතට අත්සන් තබන ලෙස අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඒ, එසේ නොකළහොත් දරුණු ප්‍රතිවිපාක සිදුවනු ඇතැයි අනතුරු අඟවමින් ය. මෙම පනතට අත්සන් නොකළහොත් රැකියා විරහිත පුද්ගලයින්ට ලැබෙන සහන අහිමිවනු ඇති. මාස ගණනක් පුරා සිදුකෙරුණු සාකච්ජාවලින් අනතුරුව ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 9000 ක මුදලක් ලබාදීමට කොංග්‍රසය අනුමැතිය පල කළේ ය. මෙම මුදලට වසරකට අමෙරිකානු ඩොලර් 75000 කට වඩා අඩු මුදලක් උපයන අමෙරිකානුවන්ට ඩොලර් 600 ක මුදලක් ලබාදීම ද ඇතුළත් ය. ඒ වෙනුවට අමෙරිකානුවන්ට ඩොලර් 2000 ක මුදලක් ලබාදීමට අවශ්‍ය බව පැවසුව ද කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් ඊට එරෙහි විය. එම නීති සම්මත නොවුණහොත් අනිද්දා අමෙරිකානු රජය අර්ධ වශයෙන් අක්‍රීය කිරීමට සිදුවනු ඇති.