අයවැයෙන් වෙන් කළ මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන්න

අයවැයෙන් වෙන් කළ මුදල් නිසි පරිදි භාවිත කරන්න: අමතර මුදල් වෙන් කිරීම්වලට ඉඩක් නෑ - මුදල් අමාත්‍යාංශය

by Staff writer 27-12-2020 | 12:12 PM

COLOMBO ( News 1st ) : අයවැයෙන් වෙන් කළ මුදල් නිසි කළමනාකරණයකින් යුතුව පරිහරණය කරන්නැයි මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඒ , මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍ර ලේඛනයකින් ය. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අයවැයෙන් වෙන් කළ මුදල්වලට අමතර, මුදලක් වෙන් කිරීමට නොහැකි බවයි. ඒ හේතුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමුඛතාව සලකා බලා පරිහරණය කරන්නැයි මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ. එම උපදෙස්වලට පරිභාහිරව අමතර මුදල් වැය කිරීමක් සිදු කරන්නේ නම් එහි සම්පූර්ණ වගකීම ඒ ඒ ආයතනවල ගණන්දීමේ නිලධාරීන් භාරගත යුතු බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.