අගමැති උපදෙස් මත ජන. 01 සිට සිනමා ශාලා විවෘතයි

අගමැති උපදෙස් මත ජනවාරි 01 වැනිදා සිට සිනමා ශාලා විවෘතයි..

by Chathurika Jayasundara 27-12-2020 | 1:37 PM
 

COLOMBO (News 1st) – දිවයිනේ සියලු සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට යළි විවෘත කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ , සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවයි. එසේ වුවත් දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශයන්හි සිනමාහල් විවෘත වන්නේ නැහැ. විවෘත කිරීමට පෙර සියලු සිනමා ශාලා විෂබීජහරණයට ලක් කළ යුතු අතර සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීමට පැමිණෙන්නන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කළ යුතුයි. චිත්‍රපට නිෂ්පාදකයින්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුළු කලාකරුවෝ පිරිසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට හා කලාකරුවන්ට වන හානිය ගැන පසුගිය දා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය. සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා කර්මාන්තයට හා ඒ හා සම්බන්ධ සියලු කලාකරුවන්ට වන හානිය, පීඩාවන් මග හැරීමට මෙම පියවර ගෙන තිබේ.