SLvSA: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

SLvSA: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by Staff writer 26-12-2020 | 1:20 PM

News 1st - දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.

තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැත්වේ. නත්තල් දිනට පසු දින හෙවත් බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම 2012 වසරට පසුව එක්වන පළමු අවස්ථාව මෙය වේ. දෙරට අතර මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 14 ක් ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකාව තරග 9 ක් ජය ගත් අතර අනෙක් තරග 6 ජය පරාජයෙන් තොරව අවසන් විය. කොරෝනා ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වීම විශේෂත්වයකි.