රිය අනතුරු ඉහළට..

රිය අනතුරු ඉහළට..

by Chathurika Jayasundara 26-12-2020 | 5:20 PM

COLOMBO (News 1st) – රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බීමත්ව රිය පැදවීම, වේගවත්ව රිය පැදවීම හා නොසැලකිලිමත්ව රිය පැදවීම මෙම රිය අනතුරුවල ඉහළ යාමට හේතුව වී ඇති බවයි. ගත වූ පැය 24 තුළ මාරක රිය අනතුරුවලින් 6 දෙනෙකු මියගොස් ඇති අතර 30 දෙනෙකු තුවාල ලබා තිබේ.