යුක්රේන කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්..

යුක්රේන කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්..

by Staff writer 26-12-2020 | 7:26 AM

COLOMBO (News 1st) - යුක්රේනයෙන් ගෙන්වන ලද අපද්‍රව්‍ය බහලුම්වල අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, අදාළ බහලුම් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවය. මේ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ බහාලුම් සම්බන්ධව යුක්රේනයේ පරිසර අධිකාරියට දැනුම්දීමට හැකියාව පවතින බවය. බාසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම සපුරා තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද එම සම්මුතියට අත්සන් තබන ලද රටකි.