බස්නාහිරින් පිටවෙන්න හදපු 07කට කොරෝනා..

බස්නාහිර පළාතෙන් පිටවෙන්න හදපු 07 දෙනෙකුට කොරෝනා..

by Staff writer 26-12-2020 | 7:33 PM

COLOMBO ( News 1st ): බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් සඳහා කොවිඩ් පරීක්ෂණ ඊයේ දිනයේත් ස්ථාන 12 දී සිදු කෙරිණි.

ඊයේ පරීක්ෂණවලින් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ දක්වා එම පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 33 කි. කොවිඩ් රොගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන අනුරාධපුර, මෙත්සිරි සෙවණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනෙකු අද සුවය ලබා පිටව ගියේ ය. පසුගිය මාසයේ මෙම දැඩි සත්කාර ඒකකය විවෘත කෙරුණු අතර ඊට ශ්‍රම දායකත්වය සැපයුවේ යුද්ධ හමුදාවයි. අඩු පහසුකම් යටතේ කොවිඩ් රෝගීන් සුව කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව බලධාරීන් සඳහන් කළේ ය.