විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්..

නිරෝධායන නීති කඩ කර උද්ඝෝෂණ කළොත්, ඔවුන් සිටින ප්‍රදේශ Lockdown කරන්න වෙයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 26-12-2020 | 10:31 PM

COLOMBO ( News 1st ) : කොරෝනා තත්ත්වය හමුවේ විරෝධතා පැවැත්වීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පල කළේ ය.

''මේ අවස්ථාවේ උද්ඝෝෂණය කිරීම සතුරෙක් සමගි නෙවෙයි පරාජය කරන්න වෙන්නේ , කොවිඩ් සතුරා ඇසට නොපෙනෙන සතුරෙක් අපි පිටුපස්සේ ඉන්නේ. ඒ නිසා උද්ඝෝෂණකට සහභාගි වුණොත් යම් පිරිසක් නිරෝධායන නීතින්වලට පටහැනිව ඔවුන් ඒ සිටින සම්පුර්ණ ප්‍රදේශයම හුදෙකලා කරන්න සිදු වෙයි. ඒ නිසා නිරෝධායන නීතින් උල්ලංඝණය කරමින් එවැනි අකාරයකට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සමාන්‍ය නීතිය යටතේ අනිත් පැත්තෙන් නිරොධායන නීතිය යටතේත් කටයුතු කිරීමට සිදුවෙනවා නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු කළොත්, ඒ ගැන අවධානය යොමු කර නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු කොකරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා"