ගෙවුණු පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් බොරැල්ලෙන්..

ගෙවුණු පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් බොරැල්ලෙන්: බස්නාහිරින් පිට වැඩිම අසාදිතයින් නුවරඑළියෙන්.. (සම්පූර්ණ වාර්තාව මෙන්න)

by Hashini De Mel 26-12-2020 | 11:54 AM

COLOMBO (News 1st) - ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 541 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 10 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇත. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 300 කි. ඊට අමතරව, *ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 52ක් *කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 37 ක් *නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් - 28ක් *රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 27ක් *මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 16 ක් *ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 12 *මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 13ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත. ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒවා මෙසේය. කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 87 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 12 කි.   මේ අතර කොරෝනා අසාදිත තව ත් රෝගියෙකු මිය ගියේ ය. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 186 කි. අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,782 ි. කොරෝනා ආසාදිතයින් 771 දෙනෙකු ඊයේ සුවය ලැබූහ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31,339 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වෛරසය ආසාදිත පුද්ගලයින් 8,257 ක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇතිි. මේ වනවිට දිස්ත්‍රික්ක 11 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති අතර ඒවා මෙසේය...