එන්නත මුලින්ම දෙන්නේ කොළඹ ජනතාවට

කොවිඩ් එන්නත මුලින්ම දෙන්නේ කොළඹ ජනතාවට - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 26-12-2020 | 8:38 PM

COLOMBO ( News 1st ) : මෙරටට කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳව ලබන සඳුදා වනවිට තවත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒ සඳහා සම්බන්ධීකරණයට පත්කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත් ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව හා ප්‍රමුණතාව මත තීරණය කෙරෙනු ඇති. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ, සෞඛ්‍ය, ආරක්ෂක අංශ, සහ ජන ඝනත්වයෙන් ඉහළ කොළඹ ප්‍රදේශවල ජනතාවට ප්‍රථමයෙන් මෙම එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්ද ජයසුමන මහතා පැවසුවේ, කොවිඩ් එන්නතක් ලබා ගැනීමට අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම අරඹා ඇති බවයි.