කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

by Staff writer 26-12-2020 | 12:58 PM

COLOMBO (News 1st) - ලබන වසරේ සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.

කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි. ඒ අනුව උක්, ‍බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්, ස්වදේශීක අඹ වර්ග, මඤ්ඤක්කා සහ කටු අනෝදා ඇතුළු බෝග වර්ග රැසක් අපනයනය කිරීම ඉහළ නංවනු ඇති. ඒ අනුව එම බෝග වගා කරන බිම් ප්‍රමාණය වැඩි කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ ය. ගම්මිරිස් තෙල් නිෂ්පාදනය කර අපනයනය කිරීමට ද රජය තීරණය කර ඇත. එම වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.