වික්ටෝරියා ආශ්‍රිත භූ කම්පන පිළිබඳ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව 31 වැනි දා

වික්ටෝරියා ආශ්‍රිත භූ කම්පන පිළිබඳ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව 31 වැනි දා

වික්ටෝරියා ආශ්‍රිත භූ කම්පන පිළිබඳ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව 31 වැනි දා

කර්තෘ Staff writer

26 Dec, 2020 | 1:07 pm

COLOMBO (News 1st) – වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ලබන 31 වැනි දා භාරදීමට සැලසුම් කර තිබේ.

කමිටුවේ සභාපති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඊට අදාළ කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

ඒ අනුව ලබන 31 වැනි දා කමිටු වාර්තාව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාරදෙන බව ඔහු සඳහන් කළේ ය.

භූ කම්පන සිදුවීමට හේතූ සොයා බැලීම විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුව පත් කිරීමේ අරමුණයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]